හෙට සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම් කෙරේ

හෙට සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම්කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, ජුනි මාසයට අදාළ මහජන ගෙවීම්, ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරි සඳහා තැපැල් කාර්යාල එලෙස විවෘත කෙරෙන බවය.

එම ගෙවීම් ලබාගැනීමට පැමිණීමේදී අදාළ ගෙවීම් කාඩ්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කර ගෙවීම්ලාභීන්ට තැපැල්/උප තැපැල් කාර්යාල වෙත පැමිණීමේ හැකියාව ලැබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ජනාධිපති කාර්ය සාධක බළකායේ ඉල්ලීම පරිදි නිවෙස්වල සිටින රෝගීන් සඳහා රජයේ රෝහල්වල සායන වෙතින් නිකුත්කරන ඖෂධ බෙදාහැරීමේ කටයුතු ද පසුගිය කොවිඩ් සමයේ මෙන්ම හෙට දින සිට අරඹන තැපැල්පතිවරයා පැවසීය.

මේ සම්බන්ධව කිසියම් ගැටලුකාරී තත්ත්වයක් පවතී නම් 1950 දුරකථන අංකයට අමතා වැඩිදුර තොරතුර දැනගත හැකි බව තැපැල් දෙපාර්මේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *