හිටපු අමාත්‍ය සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

මිය යන විට සිරිසේන කුරේ 90 වැනි වියේ පසුවිය.

කුරේ මහතා 1979 සිට 1989 දක්වා වසර 10 ක් කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර 1989 දී කොළඹින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඔහු රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. ඔහු එක්සත් ජාතික පක්ෂ නායක රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මහ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *