Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

හරීන් ලංකාව ඉන්දියාවට ඈදීම බරපතළ ප්‍රකාශයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතිශයින් බරපතළ ප්‍රකාශයක් බවත් කැබිනට් ඇමැතිවරයෙක් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ශ්‍රී  ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොලඹදී  පැවැසීය.

මෙරට ස්වෛරීත්වයට දැඩි බලපෑමක් එල්ල වන එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දැඩි අප්‍රසාදය පළ කරන බවත් අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති  ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටස් ලෙස හඳුන්වන එම ප්‍රකාශය හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා වහාම ඉල්ලා අස්කර ගත යුතු බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.

ඔබේ අදහස