නොවැම්බර් 16 වන විට රු. බිලියන 2,441.9 ක බදු ආදායමක් රැස් කෙරේ

2026 වසර සඳහා නියම කර තිබූ රුපියල් බිලියන 2,402 ක වාර්ෂික ආදායම් ඉලක්කය සාර්ථකව ඉක්මවා යමින්, 2026 නොවැම්බර් 16 වැනිදා වන විට රුපියල් බිලියන 2,441.9 ක මුළු ආදායමක් රැස් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
ශක්තිමත් බදු පරිපාලනය, ඉහළ නැංවූ ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාව සහ බදු නීතිරීතිවලට අනුගත වීම සඳහා මහජනතාව දක්වන යහපත් ප්රතිචාරය පිළිබිඹු කරමින් රාජ්ය ආදායම් උත්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙමගින් සනිටුහන් කෙරේ.
2025 නොවැම්බර් 16 වැනිදායින් අවසන් වූ එම කාලසීමාව හා සැසඳීමේදී දෙපාර්තමේන්තුව විසින් අමතර රුපියල් බිලියන 491 ක ආදායමක් රැස් කර ඇති අතර, එය වසරින් වසර 115% ක වර්ධනයක් නියෝජනය කරයි.




