දිස්ත්‍රික්ක පහකට ‘මී උණ’ අවදානමක්: සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

මාතර ඇතුළු දිස්ත්‍රික්ක පහක සාමාන්‍යයෙන් ‘මී උණ’ ලෙස හැඳින්වෙන ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) රෝගය පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇතැයි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, රත්නපුර, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල සහ මාතර යන දිස්ත්‍රික්කවල මෙම රෝගය වර්ධනය වන ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ.
පවතින කාලගුණික තත්ත්වයන් සහ කෘෂිකාර්මික කටයුතු ඉහළ යාම මෙම රෝගය පැතිරීමට දායක විය හැකි බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
විශේෂයෙන්ම ගංවතුර ජලය දීර්ඝ කාලයක් එකතැන රැඳී පවතින ප්‍රදේශවල, කුඹුරුවල, ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල සහ අනෙකුත් මඩ සහිත පරිසරවල වැඩ කරන පුද්ගලයින් සුදුසු ආරක්ෂිත පාවහන් පැළඳීමටත්, ආරක්ෂිත පියවර අනුගමනය කිරීමටත් කටයුතු කරන ලෙස ඔවුහු දැඩි ලෙස ඉල්ලා සිටිති.
උණ, ඇඟපත වේදනාව හෝ හිසරදය වැනි රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද මහජනතාවට උපදෙස් දී තිබේ.




