සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණු අවස්ථා 8කට අයදුම්පත් කැඳවයි

පරිපූරක වෛද්‍ය සේවා ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය පුහුණු වැඩසටහන් අටක් සඳහා අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ අනුව, දන්ත තාක්ෂණ ශිල්පී (Dental Technician), මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector), කෘත්‍රිම අවයව හා විකලාංග උපකරණ ශිල්පී (Prosthetist and Orthotist), සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී (Health Entomology Officer), පාසල් දන්ත චිකිත්සක (School Dental Therapist), විද්‍යුත් හෘද රේඛා ශිල්පී (Electro Cardiographer), ඖෂධ නිකුත් කරන්නා (Dispenser) සහ විද්‍යුත් මොළ රේඛා ශිල්පී (Electro Encephalographer) යන වෘත්තීන් සඳහා මෙම පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ අදාළ පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය වෘත්තීය සහ අධ්‍යාපනික සුදුසුකම් ඇතුළු වැඩිදුර තොරතුරු **2026 අගෝස්තු 7 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2501** හි සඳහන් වන බවයි.

අදාළ ගැසට් නිවේදනයේ විධිවිධාන අනුව මෙම පුහුණු වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *