සීනි සමාගමේ සභාපති පැය තුනක් සිරකරති

සෙවනගල සීනි සමාගමේ  සේවකයෝ මි දිරි දීමනා කප්පාදු නොකරන්නැයි ඉල්ලා සීනි සමාගමේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සමාගමේ කාමරයක් තුළ පැය තුනකට ආසන්න කාලයක් සිර කර තබා ගත්හ.

සෙවනගල සීනි සමාගම  සභාපති සාරද සමරකෝන් මහතා සහ සීනි සමාගමේ නියෝජ්‍ය සමාන්‍යධිකාරී ඇතුළු සියලු දෙනා අද  දහවල් 12 ට පමණ  සිට පැය තුනකට ආසන්න කාලයක් මෙසේ සිරකර තබා ගෙන ඇත.  සෙවනගල පොලිසිය සහ තවත් පොලිසි කීපයක කැරලි මර්දන කණ්ඩායම් උද්ඝෝෂකයන් සමග සාකච්ඡාකර පසුව එම පිරිස මුදා ගැනීමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *