සියලු පක්‍ෂ ඉල්ලුවොත් ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් බව ජනපති දන්වයි.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ඉල්ලා සිටින්නේ නම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ජනාධිපතිවරයා පැවසූ බව කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වන්නේ නම් ඒ සදහා විපක්‍ෂයේ සියළු පක්‍ෂ ඒකමතිකව යෝජනා කිරීමට සූදානම් බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සාකච්චා කරන ලද බවද ඔහු පැවසීය.

විපක්ෂ නායක සජිත් පෙමදස මහතා කියා සිටියේ ප්‍රචණ්ඩත්වයෙන් විරෝධතා මර්දනයට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ආණ්ඩුව ඉවත් කිරීමට ඒකමතිකව යෝජනාවක් සම්මත කිරීමට සූදානම් බවයි.

අද දිනයේ පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තේ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අදහස් පල කිරීමෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *