සරසවි අනධ්‍යන සේවකයෝ අඛණ්ඩ වර්ජනයක

වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ඊයේ(02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළ ද ඊට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බැවින් මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළේය. තම ගැටලු නිරාකරණය කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රීයාත්මක කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාරික මණ්ඩලයේ 15%ක වැටුප් කප්පාදුව සහ අනෙකුත් ඉල්ලීම් පිළිබඳව වසර 07 ක කාලයක සිට සිදුකරන ඉල්ලීම් පිළිබඳව බලධාරීන්ගේ නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අනධ්‍යන සේවකයන් යොමුවී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාල වෘත්තිය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී. ඒ. ඩී. සුරංජීව මහතා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *