කොල්ලුපිටියේ කොල්ලයට පොලිසියේ දෙකක් මාට්ටු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ එහි තිබූ ඩොලර් 3500 ක මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අනුව එම සැරයන්වරයා සහ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගනු ලැබූහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *