සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් අත්අඩංගුවට…

පසුගිය ජුලි 13 වනදා පාර්ලිමේන්තුව අසළ පැවති මහජන විරෝධතාවයට සම්බන්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන තිබේ.

පැතුම් කර්නර් අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසිනි.

විරෝධතාව අතරතුර පොල්දූව මංසන්ධිය අසළින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්විය යුතු බව පවසමින් රජයට එරෙහිව මහජනතාව විශාල මහජන උද්ඝෝෂණයක් පවත්වා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *