සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,400 යේ සීමාව ඊයේ ඉක්මවා ගියේය

මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,400 යේ සීමාව ඊයේ ඉක්මවා ගොස් ඇත.
ඒ, ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 42 ක් තහවුරු කිරීමත් සමගය.
ඒ, අනුව මෙරටින් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 1,405 ක් දක්වා ඉහළ ගියහ.

ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 42 න් 36 ක්ම වාර්තා වී ඇත්තේ මැයි මස 14 වනදා සිට මැයි 28 දක්වා කාලය තුළදීය.

ඉතිරි මරණ 06 ඊයේ දිනයේදී සිදුව ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ කොරෝනා මරණ 42 අතර උග්ගල්බොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් සහ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද වේ.

ඊයේ තහවුරු කළ කොරෝනා මරණ බොහොමයකට හේතු වී ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *