සතොස සුදුළූණු හොරෙන් විකිණූ නිළධාරීන්ගේ වැඩ තහනම් කෙරේ

සතොස ආයතනය වෙත ලබාගත් සුදුළූණු  බහාලුම් 02ක් ඉහළ කළමනාකාරිත්වයේ කිසිදු අනුදැනුමකින් තොරව තෙවන පාර්ශවයක් වෙත අලෙවිකර ඇති බව වාර්තා විය.

ඊට සම්බන්ධ  නිලධාරින්ගේ සේවය අත්හිටුවන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරයා විසින් සතොස සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එම නියෝගය ලබාදුන් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස අලෙවිසැල් ජාලයට නිකුත්කිරීමේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සතොස ආයතනය වෙත ලබාදුන් සුදුළූණු බහාලුම් 02ක් සතොස ඉහළ කළමනාකාරිත්වයේ අනුදැනුමකින් තොරව පසුගියදා තෙවන පාර්ශවයක් වෙත අලෙවිකර තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාට නියෝග කර ඇත.

මේ පිළිබඳව වැඩිදුර  විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන ලෙස ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සතොස සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *