සජිත් සුව වේ

කොවිඩ් ආසාදිතව සිටි  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ සුවය ලබා තිබේ.

පසුගිය මස 23 වනදා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනිම හේතුවෙන් ඔවුන් රෝහල්ගත වුයේය.

විපක්ෂනායකවරයා සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සුවය ලබා අද උදෑසන රෝහලෙන් පිටව ගොස් ඇති බව විපක්ෂනායක කාර්යාලය පැවසුවේය.

අනතුරුව අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ඇති  සජිත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මිය ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *