සිව් හැවිරිදි දරුවෙකුට බියර් පානය කිරීමට දුන් තරුණයා අත්අඩංගුවට

පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී වයස අවුරුදු 4ක දරුවෙකුට “බීර” පානය කිරීමට දුන් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දරුවාට “බීර” පානය කරවන දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව 25 හැවිරිදි තරුණයෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය තවදුරටත් පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *