කොවිඩ් මරණ 101ක්

වසංගත රෝග විද්‍යා ඒකකය තවත් කොවිඩ් මරණ 101ක් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,011ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශ විසින් දිනක් තුළ තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වේ.

පසුගිය සති කිහිපයක කාලය තුළ සිදුවූ මරණ 101ක් මෙලෙස සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් මරණ ලෙස තහවුරු කර තිබේ.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ප්‍රකාශයට පත්කරනු ඇත.

මේ අතර ජුනි මාසයේ ගතවූ දින 10 තුළ පමණක් සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 527ක් වේ.

එය මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් සියයට 26ක ප්‍රතිශතයක් බව සංඛ්‍යාලේඛන අනුව පෙනීයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *