සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක් – ආගමන විගමන පාලක ජනරාල්

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17) දා සිට ක්‍රියාත්මක කළ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවැසීය.

ජී.වී.එස්. ටෙක්නොලොජීස් සර්විස්, අයි.වී.එස්. ග්ලෝබල් සහ වී.එස්.එෆ් වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් යන ආයතන තුන ඒකාබද්ධිත ජාත්‍යන්තර සමාගමක් සමග ගිවිසුම්ගතව ශ්‍රී ලංකාවේ සංචාරය සදහා වීසා ඉල්ලුම් කරන  සංචාරකයන් සහ ව්‍යාපාරිකයන් ප්‍රවර්ධනය කිරීම එම ආයතනය මගින් සිදුකරන බව ද ඉලුක්පිටිය මහතා කීය.

ආගමන විගමන පාලක ජනරාල්වරයා ඒ බව පැවැසූවේ අද (18) බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉලුක්පිටිය මහතා මෙසේ ද කීය.

‘එම ජාත්‍යන්තර ඒකාබද්ධිත ආයතනය සමග රටවල් 145 ක් එක්ව කටයුතු කරනවා. අපේ රටත් ඒ අතර ඉන්නවා. එම ආයතනය මගින් අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවිය නඩත්තු කිරීම හා විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ වීසා අයැදුම් කිරීම පිළිබදව දැනුවත් කරනවා පමණයි. වීසා අනුමත කිරීම, ගාස්තු තීරණය කිරීම හා ගාස්තු අයකිරීමේ කාර්යයන් සිදුකරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *