ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය

ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව එම අරමුදලේ ප්‍රකාශකයෙකු පැවැසුවේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ නිල ඇස්තමේන්තුවක් සිදු කිරීමටද සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකයට විධායක කමිටු අනුමැතිය ලබා දීමට ප්‍රථම ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනට සහ ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව සැලකීමේ අවශ්‍යතාවයට අනුකූලව මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැඳුම්කරහිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වූ බව ශ්‍රී ලංකා බලධාරීහු මේ සතිය මුලදී ප්‍රකාශ කළහ.ඒත් සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ජූනි මස ලබාගැනීමේ බලාපොරොත්තුව කඩවන ලකුණුද පෙන්නුම් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *