සංචරණ සීමා හේතුවෙන් ගව ආහාර සපයා ගැනීම ඇතුළු ගැටලු කිහිපයකට මුහුණපෑමට සිදුව ඇති හෙයින් කිරි ගොවීන් තම ව්‍යාපාරය අත්හරින ලකුණු

පවතින සංචරණ සීමා හේතුවෙන් ගව ආහාර සපයා ගැනීම ඇතුළු ගැටලු කිහිපයකට මුහුණපා සිටින බව ප්‍රදේශ කිහිපයක කිරි ගොවීන් පවසයි..
ඔවුන් ඉල්ලා සිටින්නේ සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ සිය කිරි නිෂ්පාදනයන් පවත්වාගෙන යාමට විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසයි.

මේ අතර පවතින ගැටලු ගණනාවක් හේතුවෙන් කිරි ගොවීන් එම කර්මාන්තයෙන් ඉවත්ව යමින් සිටින බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේය.

කෙසේවෙතත් ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කර සිටියේ සංචරණ සීමා ක්‍රියාත්මක වුවද, සත්ත්ව පාලනය ඇතුළු නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් නොවන බවටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *