ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු ධාවන පථය විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු ධාවන පථය ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගරයේදී ඊයේ (28) විවෘත කෙරිණි.

කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 3කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයක පැතිර තිබෙන අතර එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහත්වරු මෙම ATV වාහන වැලි කඳු සහිත මාර්ගය ඔස්සේ ධාවනය කළහ. මෙරට මුල්ම ATV ධාවන පථය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේය. ගම්පහ, බුත්පිටිය, මාලිගාතැන්න ප්‍රදේශයේ මෙම ධාවන පථය පිහිටා තිබෙන අතර එය කළුගල් කඳු අතර සැකසුනෙකි. කොළඹ වරාය නගරයේ විවෘත කෙරුණු වැලි කඳු මත ධාවනය කෙරෙන ATV ධාවන පථය මෙරට බිහිවුණු වැලි කඳු මත ධාවනය කෙරෙන ප්‍රථම ධාවන පථය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *