ශ්‍රීලන්කන් මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම මාර්තු 05

මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

“අපි ලංසු කැදවා තිබෙනවා මාර්තු 5 වැනිදා උදෑසන 10 සිට සවස 2 දක්වා ඔවුන්ට පැමිණිය හැකියි. එය සජීවීව සිදුකරනු ලබනවා. පස්වරු 2 වන විට ලංසු විවෘත කර ඇගයීම ලක්කළ හැකියි. ඒ සඳහා සහාය දැක්වීමට තාක්ෂණික කණ්ඩායමක් ද සිටිනවා. ඔවුන් එම ලංසු ඇගයීම සිදුකරනු ලබනවා. අවසානයේ එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබනවා. මට අවශ්‍ය අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජනයක් සිදුකළ හැකි ශක්තිමත් ආයෝජකයෙකු පැමිණීමයි. ඒ වගේම ගුවන් සේවයේ 6,000කගේ රැකියාවන් සුරක්ෂිතභාවයට පත්කිරීමත් අවශ්‍ය වනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *