වෙනිසියුලා තෙල් ඇමෙරිකාව මිලට ගනී

ඇමෙරිකාව සම්බාධක පැනවීම හේතුවෙන් විකුණා ගැනීමට නොහැකි වූ බොරතෙල් බැරල් ලක්ෂ 30ත් 50ත් අතර ප්‍රමාණයක් වෙනිසියුලාව ඇමෙරිකාවට බාර දෙනු ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

එම බොරතෙල් තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 280ක් පමණ වන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

ඒවා වෙළෙඳපොළ වටිනාකමට අලෙවි කර එම මුදල වෙනිසියුලානු ජනතාවගේ යහපත සඳහා යොදවනු ඇති බවද ඔහු පැවැසුවේය.

වෙනිසියුලාවේ අපනයන සඳහා වොෂින්ටනයේ සම්බාධක පැනවීම හේතුවෙන් වර්තමානයේ එම බොරතෙල් බැරල් ප්‍රමාණය වෙනිසියුලාවේ ගබඩාවල රඳවා තිබෙන බවද ජනපතිවරයා පැවැසුවේය.

වහාම නියෝගය ක්‍රියාත්මක කිරීමට බලශක්ති අමාත්‍ය ක්‍රිස් රයිට්ට උපදෙස් ලබාදුන් බවද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

භාණ්ඩ ප්‍රවාහන නෞකා මගින් එම බොරතෙල් බැරල් ප්‍රමාණය ඇමෙරිකාවට ගෙන එනු ඇති බවද ට්‍රම්ප් පැවැසුවේය.

ඉදිරි මාස 18 තුළදී තෙල් නිධි ගවේෂණය කිරීම සඳහා වෙනිසියලුවේ ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීමට ඇමෙරිකානු තෙල් සමාගම් සූදානමින් සිටින බවද ජනපතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *