ගාල්ල නගර සභාවට නව ලේකම්වරියක්

ගාල්ල මහ නගර සභාවේ නව ලේකම්වරිය ලෙස විමංසි තීක්ෂණ චන්ද්‍රලාල් මහත්මිය වැඩ බාර ගත්තාය.

ඒ මහත්මිය ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරිණියකි.

නගර සභාවේ 2006 වසරේ අයවැය ලේඛණය පිළිබඳව පැවති ඡන්ද විමසිමේදි විපක්ෂයි කියු මන්ත්‍රිවරුන් සිව් දෙනෙකු පක්ෂයි කියු බවට සටහන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රිවරුන් හිටපු ලේකම්වරියට දැඩිලෙස විරෝධය පල කරමින් ඇතිවු අර්බුදකාරි තත්වය හේතුවෙන් ඇය සභා ලේකම් තනතුරෙන් ඉවත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *