වෘත්තීය සමිති විරෝධතා දියත් කරන විට ලංවිම නව පියවරවල් රැසකට යොමුවෙයි

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලිය විසන්ධි නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීම හේතුවෙන් දිවයින පුරා දිනපතා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා පැය භාගයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංවිම සැලසුම් කර තිබුණි.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බැවින් අද සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංවිම ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංවිම වෘත්තීය සමිති කිහිපයක සේවකයෝ නිවාඩු ඉල්ලුම් කිරීමෙන් පසු සේවයෙන් වැළකී සිටිති.

තම ඉල්ලීම් ඉටු කරන ලෙස රජයට බලකරමින් විරෝධතා පා ගමනක් පැවැත්වීමට ද ඔවුන් සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *