සිංහරාජයේ අතුරුදන් වූ කාන්තාවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම්

සිංහරාජ රක්ෂිතයට ඇතුළු වී අතුරුදන් වූ කාන්තාවන් දෙදෙනෙකු සොයා සූරියකන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මැදි වයසේ පසුවන කාන්තාවන් දෙදෙනා එනසාල් ඇට එකතු කිරීම සඳහා වනයට ඇතුළු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අතුරුදන් වූ කාන්තාවන් අවුරුදු 39 සහ 40 යන වයස්වල පසුවන ඉත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අතුරුදන් වූ කාන්තාවන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සූරියකන්ද පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *