වූහාන් නඟරයේ නැවතත් කොවිඩ්

මීට මාස 22කට පමණ පෙර ලොව පළමුවරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ නැවතත් කොවිඩ් ආසාදිතයින් හමුවී තිබේ.

එබැවින් තවත් ආසාදිතයින් සොයා එම නගරයේ සම්පූර්ණ ජනගහනය ම පරීක්ෂාවට ලක්කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටී.

පසුගිය දින කිහිපයේදී වුහාන් නගරයෙන් ආසාදිතයින් 7 දෙනෙක් හමුවී ඇති අතර එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් හමුවී ඇත්තේ වසරකට පසුව වීම විශේෂත්වයකි.

වුහාන් නගරයේ සම්පූර්ණ ජනගහනය මිලියන 11ක් පමණ වන අතර 2019 වසරේදී පළමුවෙන් එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා විය.

එබැවින් කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ වුහාන් නගරය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *