වියදම් වාර්තාවෙන් කට්ටි පැන්න අපේක්ෂකයෝ 2,000කට නඩු

පසුගිය  මැතිවරණවලදී  වියදම් වාර්තා නුදුන් අපේක්ෂකයන් දෙදහසකට පමණ එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 13කු  සහ  පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ 1,900කුද පළාත් පාලමැතිවරණයට ඉදිරිපත් වූ පිරිසක් ද ඊට    ඇතුළත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද  පොලිසිය දැනුම් දී ඇත.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව සියලුම අපේක්ෂකයන් වියදම් වාර්තා  ලබාදීම අනිවාර්ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *