අපරාධකරුවෝ 826ක් එල්ලුම් ගහ ළඟ

මිනීමැරුම් මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කෙරුණු 826 දෙනකු බන්ධනාගාරවල  සිටින බව බන්ධනාගාර  දෙපාර්තමේන්තුව පවසයි.

මින් වැඩි පිරිසක් පිරිමි අය  වෙති. එම සංඛ්‍යාව 805කි.

මෙයට අමතරව මරණ දණ්ඩනය නියම කෙරුණු කාන්තාවෝ 21ක්ද දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටිති.

සියලුම බන්ධනාගාරවල රැඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව  36,000කට අධිකය.  ඉන් සියයට අසූවක් පමණ මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවූ අය බව  එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *