විපක්ෂ නායකයා යුරෝපා සංගමයෙන් කළ ඉල්ලීම

මෙරටට පැමිණි යුරෝපා සංවිධානයේ සාමාජිකයින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

කුමන බලපෑමක් කළ ද ජී.එස්.පී ප්ලස් සහනය ඉවත් නොකරන ලෙස එහිදී විපක්ෂනායකවරයා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටි බව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ පිළිබඳ අදහස් දැක්වු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

“පසුගිය වසර දෙක තුළ ලංකාවේ නැති වී ගෙන යන සිවිල් අයිතිවාසිකම් ගැන සොයා බැලීමට තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒ අය අපේ භාණ්ඩ මිල දී ගන්නවා නම් ඒ රටවල අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මානව හිමිකම්, නීතියේ උත්තරීතරභාවය, සිවිල් අයිතිවාසිකම් කඩන රටවලින් භාණ්ඩ මිල දී ගන්න එපා කියලා. හැබැයි විපක්ෂ නායකතුමා පැහැදිලිව කිව්වා මොන ප්‍රශ්න ආවත් රටේ මිනිස්සු ගැන කල්පනා කරලා ජී.එස්.පී සහනය ඉවත් කරන්න එපා කියලා අපේ නායකතුමා කට ඇරලා කිව්වා. අපි සියලුදෙනාම කිව්වේ ලංකාවේ මානව හිමිකම්, නීතියේ උත්තරීතරභාවය ඒ වගේම සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බලපෑම් කරාට කමක් නෑ නමුත් ජී.එස්.පී  සහනය නැතිකරන්න එපා කියලා.”

මේ අතර යුරෝපා සංගමයේ නියෝජිතයින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ද හමුවී සාකච්ඡා කර තිබේ.

අමාත්‍යවරයා විසින් අධිකරණ ක්ෂේත්‍රයේ සාධනීය තත්ත්වයන් පිළිබඳ යුරෝපා සංගමයේ නිලධාරින් දැනුවත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සෑහිමට පත්වන බව එහිදී ප්‍රකාශ කර ඇති යුරෝපා සංවිධානයේ නිලධාරින් ඉදිරියට ලබාදිය හැකි  සියලු සහන සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලා කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර යුරෝපා සංගමයේ නියෝජිතයින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ද හමුවී සාකච්ඡා කර තිබේ.

එමෙන්ම රට තුළ යහපාලනයක් සිදුනොවන බව තමන් යුරෝපා සංවිධානය සමඟ පැවසූ බව දෙමළ ජාතික සන්ධනායේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රිවරයා පවසයි.

දෙමළ ජාතික සන්ධානය සහ යුරෝපා සංගමයේ සාමාජිකයින් අතර පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *