විදුලි සේවකයින්ගෙන් අනතුරු ඇඟවීම්

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

ඒ කෙරවලපිටිය ළ්ණ්ඝ් විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම හා විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළකරමිනි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,

“විදුලිබල පනත වෙනස් කරන්න හදනවා. ඒ හරහා විදුලිබල මණ්ඩලය කොටස්වලට කඩනවා. යුගදනවි බලාගාරයේ 40%ක් දෙනවා වගේ විදුලිබල මණ්ඩලයේ කොටස් විකුණන්න හදන්නේ. ඊට පස්සේ කියයි ලක්ෂපාන විකුණනවා කියලා. ඒ නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා.”

මේ අතර ජාතික සම්පත් විකිණීමට එරෙහිව දෙසැම්බර් 8 වන දින පවත්වනු ලබන විරෝධතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීමක් අද විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී සිදු කෙරුණි.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා,

“මේ වෙනකොට විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි වරායේ අක්කර 13ක ඉඩම, ඒවයේ සේවාවන්, තෙල් ඒකාධිකාරිය ඉන්දීය ආණ්ඩුවට දෙන්න තමයි යන්නේ. ඓOC වෙනුවට වෙනත් සමාගමක් ගේන්න හදනවා. මෙය පරාජය කළ යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *