ඉල්ලීම් ඉටු නොවුණොත් හෙද වර්ජනය අඛණ්ඩව

ඉදිරි දින 6 තුළදී සිය ඉල්ලීම් ඉටුකිරීමට රජය අපොහොසත් වන්නේ නම් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

පසුගිය 24 වනදා පෙරවරු 7සිට ආරම්භ කළ වර්ජනය අද (26) තෙවන දිනටත් ක්‍රියාත්මක විය.

සෞඛ්‍ය සේවයේ උසස්වීම් විෂමතා ගැටලු, සෞඛ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සහ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් ඒ සඳහා එක්වී ඇත.

වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලට අදත් බලපෑම් එල්ල වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *