විදුලි ගාස්තුව සියයට 14 කින් අඩු වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවෙන් විදුලිය ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර තිබේ.

විදුලිබල මණ්ඩලය සියයට 3.34 කින් විදුලි ගාස්තු අඩු කිරීමට පසුගිය ජනවාරි මස ඉදිරිපත් කළ යෝනාව හකුලා ගනිමින් මෙම නව යෝජනාව ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවුසවේ පසුගිය වසරේ ඔක්තෝබර් මස ඉහළ දැමූ බිදුලි ගාස්තු අඩු කරන බවයි.

ඔක්තෝබර් විදුලි ගාස්තු ඉහළ දැමීමේදී ඇතැම් ඒකක කාණ්ඩවලට සියයට 18 කට වැඩි ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දැමූ අතර අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් කියවුණේ ඔක්තෝබර් මස විදුලි ගාස්තු ඉහළ දැමීමට පෙර තත්වයට ගාස්තු පත්කරන බවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *