විදුලි කාර්මිකයින් 5,000කට බලපත්‍ර දීමට යෝජනා

විදුලි කාර්මිකයින්ට NVQ 3 (ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම) නොමිලේ පිරිනැමීමේ ජාතික වැඩටහනේ දෙවන අදියර හෙට සිට ඇරඹීමට නියමිතය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මේ වනවිට විදුලි කාර්මිකයින් 2,000ක් NVQ3 ලබාගෙන විදුලි කාර්මික බලපත්‍රය සඳහා සුදුසුකම් ලබා ඇත.

මෙම මස තුලදී තවත් විදුලි කාර්මිකයින් 1,500කට NVQ3 ලබාදීමේ පරීක්ෂණ පැවත්වීමට සැලසුම්කර තිබේ.

වැඩසටහනේ තෙවන අදියර නොවැම්බර් මාසයේදී ආරම්භ වන අතර වසර අවසන්වීමට පෙර තවත් විදුලි කාර්මිකයින් 2,500කට NVQ3 පිරිනැමීමට නියමිතය.

විදුලි කාර්මිකයින්ට NVQ 3 නොමිලේ පිරිනැමීමේ වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුවට Facebook.com/pucsl පිවිස ලබාගත හැකිය.

නැතහොත් 0764271030 දුරකථන අංකයට සිය නම හා දිස්ත්‍රික්කය වට්ස්ඇප් ඔස්සේ එවීමෙන් ද විදුලි කාර්මිකයින්ට මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *