වැලිගම සභාපති ඝාතනය ගැන සාර්ථක තොරතුරු ලැබී තිබෙනවා

වැලිගම ප්‍රා දේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේන මහතා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව මේ වන වට සාර්ථක තොරතුරු කිහිපයක් ලැබී ඇති බවත් එම වෙඩි තැබීමට සම්බන්ධ සියලු පුද්ගලයන් ඉදිරි දින දෙක තුන තුළ අත්අඩංගුවට ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“මේ සඳහා වූ නියෝග දී තිබෙනවා. එතුමා ඝාතනය වීම ගැන කනගාටුවෙනවා. හැම ජීවිතයක්ම සුරක්ෂිත කරන්න අපි බැඳී සිටිනවා. සමහරු බියට පත්වෙලා තිබෙනවා. කලබල වෙලා තිබෙනවා. ඒවා අපිට අදාළ නෑ. රටේ නීතිගරුක සමාජයක් හදනවා කියලා අපි ජනතාවට පොරොන්දු වෙලා තිබෙනවා. පොලීසිය දේශපාලනීකරණයෙන් මුදවාගෙන තිබෙනවා. අපි පොලීසිය සක්‍රීයව වැඩ කරන දිශාවකට යොමුකර තිබෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *