වැට් නොගෙවු පෞද්ගලික සමාගමක දෙන්නෙක්ට රටින් පිටවීම තහනම්

එකතු කළ අගය මත බදු ගෙවීම (වැට් බදු )පැහැර හැරියේ යැයි කියන බ්ලූ මවුන්ටන් ප්‍රොපටිඩිවලොපර්ස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා ඊයේ(05) නියෝග කළේය.

රුපියල් මිලියන 300ට අධික වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට නිකුත් කළේය.

හිරන්යා සයුමී සහ කෞශල්‍ය විමලසේන විත්තිකරුවන්ට මෙම නියෝග නිකුත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *