ව්‍යවස්ථා සභාවේ තීරණවලට විධායකයට බලපෑම් කරන්න බෑ – අමාත්‍ය විජයදාස රාජපක්ෂ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගනු ලබන තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව විධායකයට නැතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2024 වර්ෂයේ මාර්ග කිලෝ මීටර් 1500 ක් ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය යටතේ පන්නිපිටිය, දෙපානම, මහවත්ත මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී  නව පොලිස්පතිවරයා පත් කිරීමේදී කථානායකවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කීවෙි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරමින් ව්‍යවස්ථාදායක සභාව සදහා සාමාජිකයින් 10 දෙනෙකු පත් කිරීමට කටයුතු කළද සුළු පක්ෂ නියෝජනය කරමින් ඊට පත් කළ යුතු නියෝජිතයා මෙතෙක් නම් කර නොතිබීම මෙම ගැටළුට මුල් වී ඇති බවයි.

මේ නිසා කථානායකවරයා ප්‍රායෝගික ගැටළුවකට මුහුණ දී සිටින බවත් කථානායකවරයාගේ තීන්දුවේ කිසියම් නීතිමය ගැටළුවක් පවතින බව විශ්වාස කරන්නේ නම් ව්‍යවස්ථාවේ නීතිමට ගැටළු සදහා ආර්ථ නිරූපණය ලබා ගැනීමට හොදම තැන ශ්‍රේෂ්ඨාධිකරනය බවත්  අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *