’’වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු කරනවා’’ – විපක්ෂ නායක

වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු බවට පත් කිරීම සමගි ජනබලවේගයේ අරමුණ යැයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් වෙත ඉඩම් හිමිකමලබා දී ස්වෝත්සාහයෙන් තම ජීවිකාව ගෙන යන කුඩා තේ වතු ප්‍රජාවක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 135 වැනි අදියර යටතේ රත්නපුර පැල්මඩුල්ල ශ්‍රී ක්‍රිෂ්ණ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

රටට ඩොලර් ගෙන එන වතු ප්‍රජාව මෙතෙක් හැඳින්වූයේ වතු කම්කරුවන් ලෙස වුවත්  සමගි ජන බලවේගය රටට ඩොලර් ගෙන එන මෙම ජනතාව උඩරට ප්‍රජාව ලෙස ගෞරවාන්විතව හඳුන්වන බවත්  විපක්ෂ නායකවරයා පැවසීය.

අදටත් අප රට යම් ප්‍රමාණයකට හෝ හුස්ම ගන්නේ වතු ක්ෂේත්‍රයේ කම්කරු ප්‍රජාව සිදු කරන කැපකිරීම නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *