වීසා නිකුත් කිරීමත් කොම්පැණියක​​ට

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා මෙතෙක් කලක් වීසා නිකුත් කළ ක්‍රමවේදයෙන් ඉවත්ව වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබාදීමේ සැලසුමක් ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙතෙක් කලක් විදේශිකයන්ට වීසා නිකුත් කළ ක්‍රමවේදය නිසා එහි සම්පූර්ණ ආදායම මෙතෙක් කලක් ඍජුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග මෙම කාර්යය බාහිර පාර්ශව අතට පත් කිරීමෙන් විශාල ආදායමක් අහිමිවීමේ අවදානමක් ඇතැයිද පෙන්වා දෙයි.

මහා පරිචයක් නොමැති, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විසින් දේශපාලන අවශ්‍යතා මත ගත් තීන්දුවක් මත වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබාදීමේ සැලසුමක් ඇතැයි සඳහන් කරන එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග රටේ අවශ්‍යතාව සහ දේශපාලන අවශ්‍යතා යනු දෙකක් බවද අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *