උද්ධමනය අඩුවෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

එය පෙර මාසයේ සටහන් වූයේ සියයට 5.9ක් ලෙසට ය.

එසේ නමුත් ආහාර උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති සියයට 3.5ක අගයක සිට සියයට 3.8 දක්වා ඉහළගොස් තිබුණි.

මාර්තු මාසයේ උද්ධමනය පහත වැටීමට හේතුවී ඇත්තේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති සියයට 7ක අගයක සිට මාර්තු මාසයේ දී සියයට සෘණ 0.5දක්වා පහත වැටීම ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *