ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහායක සේවකයින් පිරිසකට ලිංගික අපයෝජනය හා සූරාකෑමේ චෝදනා

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය පැවති සමයේ සේවයේ නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහායක සේවකයින් පිරිසකට ලිංගික අපයෝජනය හා සූරාකෑමේ චෝදනා එල්ලවී තිබේ.

ඒ, ස්වාධීන කොමිසමක් මගින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟිනි.

2018 – 2020 කාලය තුළ මාරාන්තික ඉබෝලා වසංගතය පැවති සමයේ කොංගෝ රාජ්‍යයේ කාන්තාවන් 50 කට වැඩි පිරිසක් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව එම වාර්තාව අනාවරණ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහායක සේවකයින් 21 දෙනෙකු චෝදනා එල්ලවූ පිරිස අතර වන බව එම වාර්තාව අනාවරණ කර තිබේ.

ඇතැම් වින්දිත කාන්තාවන් ගැබ්ගෙන ඇති බවත්, ගබ්සා කිරීම් සිදුව ඇති බවත් එම වාර්තාව අනාවරණ කර ඇති බව විදෙස් මාධ්‍යවල දැක්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩනම් ප්‍රකාශ කර ඇත්තේ එය සමාව දියනොහැකි කරුණක් බවය.

ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *