ලොක්කන් හතකට මැතිසබා උසස් කමිටුවේ අනුමැතිය

තානාපතිවරයෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ සභාපතිවරුන් 4 දෙනෙකුගේ පත්වීම් සදහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

2025 අගෝස්තු 06 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය  ගෙන ඇත

ඒ අනුව, ඕමාන් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විජේසිංහ ආරච්චිගේ කපිල සංජීව ද අල්විස් මහතා නම් කිරීම කාරක සභාව විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.ඒ.එල්.එස්.එන්.කේ. මන්ත්‍රීනායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මියගේ පත්වීම් ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළේය.

එමෙන්ම, ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා මහතා, සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත වෙදමුල්ල මහතා, සීමාසහිත හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීර් ඩී. සමරසිංහ මහතා සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජයතිස්ස අනත්ත පතිරණගේ මහතා යන මහත්වරුන්ගේ පත්වීම්ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව  අනුමත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *