ලංවිම නිලධාරී මාෆියාවට අහුවුනොත් මේ ආණ්ඩුවත් ඉවරයි

විදුලි බල මණ්ඩලයේ නිලධාරී මාෆියාව අනුව වත්මන් පාලකයන් ක්‍රියා කරන්න ගත්තොත් මේ පාලකයන්ටත් අත් වන්නේ එදා සිටි පාලකයන්ට අත් වූ ඉරණම බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නා හිමියෝ කොළඹ මාධ්‍ය හමුවක දී පැවසූහ.

සියයට තිහක් වත් විදුලි බිල අඩුවිය යුතු බවට අප බලාපොරොත්තු වුණා. සාධාරණ පිරිවැය මුල් කරගෙන මිල තීරණය කළ යුතුයි. විදුලි බල පනතේ තිස්වැනි වගන්තියට අනුව මහජන උපයෝගීතා කොමිසමට ඒ බලය තිබෙනවා. විදුලි බල මණ්ඩලය බිලියන  200ක ලාභයක් ලබා තිබෙනවා.‍

මේ ලාභය ලැබුවේ කවුරු වෙනුවෙන් ද, ආගමික ස්ථාන වලට සියයට පන්සීයකින් විදුලි බිල වැඩිකර, සාමාන්‍ය ජනතාවට සියයට තුන්සීයකින් පමණ විදුලි බිල වැඩිකර, මේ ලාභය හදන්නේ කුමක් සඳහා ද යනුවෙන් සෝභිත හිමියෝ ප්‍රශ්න කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *