ලංගම සහ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක්

ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන් පාඩු ලැබීමට අධික වියදම් හා සේවකයින් සිදුකරන විවිධ වංචා දූෂණ හේතුවී ඇති බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මහතා,

“දුම්රිය හා ලං.ග.ම. අධික වියදම් විවිධ වංචා දූෂණ නිසා දීර්ඝ කාලීනව පාඩු ලබනවා. රියදුරු හා කොන්දොස්තර හොරකම් කරනවා කියන්නේ නැහැ. ආදායමෙන් කොටසක් ඩිපෝ එකට කොටසක් ගෙදරට. කොන්දොස්තර නැති බස්රථවලින් අධික ලාභයක්. ටික දවසකින් ඒ ආදායම අඩු වුණා. කඩවතින් පිටත්වන බස්වලින් හොර ටිකට්. රියදුරු හා කොන්දොස්තරවරු 2ක් රිමාන්ඩ්. දැන් කියනවා සභාපති මාරු කරන්නලු. මම ඉන්නකන් සභාපති මාරු කරන්න දෙන්නේ නැහැ. මම මේක හදනවා. පුද්ගලික බස් හිමියෝ බදු ගෙවලා ලාභත් ලබනවා. ලංගම එහෙම නොවෙන්න හේතුවක් නැහැනේ. වංචා දූෂණ නැති කරන්න ඩිජිටල්කරණය කරන්න ඕන දුම්රිය හා බස් ප්‍රවේශපත්‍ර අලෙවිය කාඩ්පත් ක්‍රමය හරහා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ගේනවා”

ප්‍රශ්නය – දුම්රිය සේවක හිඟයක් ගැන නිතර නිතර කතා වුණා විශේෂයෙන්ම දුම්රිය රියදුරන්ගේ විශ්‍රාම යෑම සම්බන්ධයෙන් ?

“පහළ සේවකයින්ට වසර 5කින් ඊළඟ තලයට යන්න දෙනවානම් රියදුරු හිඟයක් නැතිවෙනවා දුම්රිය සංස්ථාවක් කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. තවදුරටත් අධ්‍යනය කරන්න කමිටුවක් පත් කළා. කමිටු වාර්තාව එනකන් බලන් ඉන්නවා. ඇයි නාවේ – කිමද නාවේ?. මගේ හිතේ ආශාව තිබුණාට වෙනස් කරන්න බැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *