රුපියල් ලක්ෂ 60ක විදෙස් සිගරට් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට

විදේශයක නිෂ්පාදිත රුපියල් මිලියන 6ක් පමණ වටිනා සිගරට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකපිට ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 30ක් වන සැකකරු මිනුවන්ගොඩ, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු  ගුවන් තොටුපොළේ රාජකාරියේ නිරත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර, සිගරට් තොගය ගමන් මලු දෙකක් තුළ සඟවාගෙන පැමිණ ඇති බවයි.

එම සිගරට් තොගය රැගෙන ගුවන් තොටුපොළෙන් පිටවීමට උත්සාහ කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔහු අගෝස්තු 19 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *