LK reports news sinhala

රිෂාද් බදියුදීන් සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට සහන මිලට තඹ ලබා දීලා

කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (01) දිනයේ සාක්ෂි ලබා දෙනු ලැබුවා. 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාර්මික සංවර්ධන මණ්ඩලයේ විකුණුම් ලේඛනවල සඳහන් තොරතුරු ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කරමින් මෙහිදී ඔහු තොරතුරු හෙළිදරව් කර තිබේ.

ඒ අනුව පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් පුද්ගලික සමාගමට අධික ලාභයක් ලැබෙන පරිදි හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයකු වූ රිෂාද් බදියුදීන් මහතා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා විශේෂ වට්ටම් ලබා දී ඇති බවත්, එබැවින් එම මණ්ඩලයට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බවත් සරත් උදයසිරි මහතා සඳහන් කර තිබේ.

මෙම හේතුව මත තඹ අමුද්‍රව්‍ය මිලදීගන්නා අනිකුත් සමාගම් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවත් ඒ මහතා කොමිසම හමුවේ පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *