රිෂාඩ් බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 08වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ බදියුදීන් මහතාට එරෙහි පැමිණිල්ල අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටිය දී පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් “කෝලෝසස්” තඹ කර්මාන්ත ශාලාවට විශේෂ සැලකිල්ලක් දක්වා තඹ තොග ලබා දීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *