රිෂාඩ් ගේ සිරමැදිරියේ ජංගම දුරකථනයක්?

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයේ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ ඔහු රඳවා තැබූ කුටියේ තිබී ජංගම දුරකථනයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මැගසින් බන්ධනාගාරයේ E විශේෂ අංශයේ රඳවා සිටින රිෂාඩ් බදියුදීන් මහතාගේ කුටිය තුළ ඉකුත් සැප්තැම්බර් මස 01 වනදා රාත්‍රී 7.00ට පමණ හදිසි පරීක්ෂාවකට ලක්කර තිබුණි.

එහිදී අදාළ ජංගම දුරකථනය සොයා ගත්තේය.

එම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥාපනතට අනුව සැකකරු වෙත චෝදනා නගා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයෙහි මහෙස්ත්‍රාත්වරයා හමුවට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කළේය.

එම අවස්ථාවේ සැකකරු එම චෝදනාවට නිවැරදිකරු යැයි පවසා ඇති අතර, නැවතත් සැකකරුව එම නඩුව සඳහා එලඹෙන 24 වනදා දින ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *