රියදුරු බලපත්‍ර මුද්‍රණය අරඹයි

මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය පසුගිය සතියේ සිට කටයුතු ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව දෛනිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *