රාජිත ඇතුළු තිදෙනකුට අධිචෝදනා

පසුගිය 2014 වසරේ අගෝස්තු මස පළවන (01) දා සහ එම වසරේ නොවැම්බර් මස පළමුවන (01) දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත ඉතා අඩු මුදලකට බදුදීමෙන් රජයට පාඩු සිදු කළේ යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අධිචෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්තිකරුවන් රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ඊයේ (18) නියෝග කරන ලදී.

අධිචෝදනා පහක් මත අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අයට එසේ අධිචෝදනා පත්‍ර බාර දුන්නේය.

විත්තිකරුවන්ට ඇප නියම කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා නියෝග කර සිටියේ විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට හා ඔවුන්ගේ පෙර වැරැදි සම්බන්ධයෙන් වාර්තාවන් කැඳවීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *