රන්මල් කොඩිතුවක්කු ට ස්ථාන මාරුවක්

පුද්ගලයෙක් ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධව සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාව වෙනත් අංශයක් වෙත මාරුකර යවා තිබේ.

ඔහු එසේ පුද්ගලයෙක් ට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාව වෛද්‍ය සේවා සහ සුබසාධන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.

පොලිස් නිලධාරියෙකුගේ අපකීර්තිමත් හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණක් ආරම්භ කළ බව අද පෙරවරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *